Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ඉතාලියේදී අගමැති මහින්දට එරෙහිව ලාංකිකයන් විරෝධතා.. සමුළුව අමතමින් අගමැති කියූ දේ මෙන්න..

  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක් අද දිනයේ දී පවත්වා තිබේ. ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ ...


 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක් අද දිනයේ දී පවත්වා තිබේ.

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා -20 අන්තර් ආගමික සමුළුවේ දේශනයක් පැවැත්වීමට සහභාගි වෙමින් සිටිය අතරතුරදීය.

විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සත්‍ය සොයා හෙළි කරන ලෙසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙලි කර සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය කඩු කටයුතු නොකරන්නේ නම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය තෙක්ම මෙම ප්‍රශ්නය රැුගෙන යන බවද විරෝධතාකරුවන් කියා සිටියහ.

අග‍්‍රාමාත්‍යවරයා එම සමුළුව ඇමතීම ගැන අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අවධාරණය කරයි.

ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනය වූ අද (12) දින පළමු සැසිවාරය අමතමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝම්බර් මස 30-31 දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) පැවැත්වෙයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී 20 අන්තර් ආගමික සංසදය  ආමන්ත්‍රණය කළේය.

– ජී 20 අන්තර් ආගමික සංසදය අමතමින් එහි දී අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

“සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන තේමාවෙන් ඓතිහාසික බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන ඉතා කාලෝචිත ජී 20 අන්තර් ආගමික සංසදය ඇමතීමට ලැබීම සතුටකි.

මෙම සංසදයට සහභාගීවන ලෙස ආරාධනා කිරීම පිළිබඳව ඉතාලි සංවිධායක කමිටුවේ සභාපති මහාචාර්ය ඇල්බටෝ මෙලොනි ඇතුළු සංවිධායක කමිටුවට මම ස්තූතිවන්ත වෙමි.

විශේෂයෙන් මගේ රට වන ශ්‍රී ලංකාවටත් දකුණු ආසියාවේ භූගෝලීය කලාපයටත් මෙම සංසදයේ තේමාව අදාළ වීම නිසා මෙම අවස්ථාව වඩාත් අගය කරමි.

අපේ කලාපයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික විවිධත්වයයි. අපේ රටවල්වල විවිධ ආගම් අදහන සහ විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ විවිධ ජනවාර්ගික පසුබිම් වල ජනතාව ජීවත්වෙයි. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් අතර නැගීසිටිමින්, විවිධ ජනකොටස් එක්සේසත් කරමින්, පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගයට අපි ප්‍රතිචාර දක්වා ඇත්තෙමු.

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මතය.

අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතලම අභියෝගයයි. හරියටම මීට විසි වසරකට පෙර සිදුවූ 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම අප මෙහි දී සිහිපත් කළ යුතුය. ඊට ගොදුරු වූ පවුල් වෙනුවෙන්  සමස්ත මානව වර්ගයා ලෙස අප ඔවුන් සමඟ ශෝකය බෙදාගත යුතුය.

වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් මෙම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වයි.

කලාව සහ බුද්ධිමය ක්‍රියාකාරකම්වලට සෑම අතින්ම කීර්තියක් දිනාගනිමින් ලෝක මට්ටමේ සංස්කෘතික නායකත්වයක් දරන ඓතිහාසික බොලොඤ්ඤා නගරය මෙවැනි සුවිශේෂී තේමාවක් යටතේ සැසියක් පැවැත්වීමට කදිමෙට ගැලපෙයි.

සිත් ඇඳගන්නා සුළු මෙම නගරය ඉතාලි පුනරුදය සහ ශිෂ්ටාචාරයේ වර්ධනය විදහාපානවා මෙන්ම ලොව දියුණුවට බල පෑ එකල ඉතාලි ස්වාමිවරුන්ගේ විශිෂ්ට දක්ෂතාවයන් සහ නිර්මාණාත්මකභාවය ද පිළිඹිබු කරයි.

අපේ කාලයේ සංස්කෘතීන් තුළ සාමය හා සමගිය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටුකරන අංශ කෙරෙහි ඔබ දැඩි අවධානයක් යොමු කර ඇති බව ඉතා පැහැදිලි ලෙස සකස් කළ මෙහි සම්මන්ත්‍රණ ලේඛනවලින් මා නිරීක්ෂණය කළා.

අධ්‍යාපනය මෙම ක්ෂේත්‍රයන්ගෙන් වැදගත්ම ක්ෂේත්‍රය ලෙස හඳුනා ගැනීමට මා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. තරුණ මනස සිත් ඇදගන්නා සුළු වන අතර නිවැරදි ආකල්ප හා සාරධර්ම වර්ධනය කර ගැනීමට වැඩිම අවස්ථාවක් ඇත්තේ ළමා වියේදී ය. පැහැදිලිවම, විවිධ ආගම් වල හරය තුළ විවිධ වෙනස්කම්  ඇතත්, සෑම ආගමකටම පොදු වූ විශ්වාසයන් හා එම විශ්වාසයන්හි හරයක් ද ඇත.

ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ යුතුකම විය යුත්තේ අපේ  පාසල් හා විශ්වවිද්‍යාල විෂය මාලාව සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් තුළින් වෙනස්කම් ඉස්මතු කරන කරුණු වලට වඩා එකඟතාවය තිබෙන සෑම ආගමකටම පොදු කරුණු පිළිබඳ අවධාරණය කිරීමයි.

අපේ අධ්‍යාපන ආයතන වල තරුණයින්ට පවුරුවලට වඩා පාලම් තැනීමට සහ ජීවිතය පුරා පවතින මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකා රජය දැන් ප්‍රමුඛතාවය දෙමින් සිටින්නේ අධ්‍යාපනයේ අන්තර්ගතය නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සහ අපගේ තරුණයින් තෘප්තිමත් ජීවනෝපාය මාර්ගයක් සඳහා සන්නද්ධ කිරීමටයි.

මේ මොහොතේ ලෝකය අත්විඳින බරපතල සෞඛ්‍ය අර්බුදය, අප සියලු දෙනා එක්සත් කිරීමට උපකාරී වී ඇත.

කොවිඩ් 19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කරයි. වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.

නූතන වෛද්‍ය විද්‍යාව මඟින් ලබා ගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්‍ෂාව ලොව පුරා තිබිය යුතු අතර ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවලින් ආධාර ලබා ගැනීමට ධනවත් නොවන රටවල් සඳහා විශේෂ විධිවිධාන යෙදිය යුතුය. මෙය යම් පිරිසක් පමණක් නොව සියලුදෙනාම ජයගත යුතු සටනකි.

වෛරසය හේතුවෙන්  රටවල් සිය දේශසීමා තාවකාලිකව වසා දැමීම සුදුසු වුවත්, හුදෙකලා වීම ඊට පිළිතුර නොවේ. අප ජීවත් වන ලෝකයේ එක් යථාර්ථයක් නම් රටවල්වල මායිම් හරහා භාණ්ඩ, සේවා සහ මිනිසුන්ගේ නිදහස් සංචලනයයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබා ගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතුයි.

මෙය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ගරුත්වය කෙරෙහි විශේෂ වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයකි. සමාජයක සදාචාරාත්මක ගුණය තක්සේරු කළ යුත්තේ එහි වඩාත් අවදානමට ලක්විය හැකි සාමාජිකයින් කෙරෙහි දක්වන කරුණාව සහ දයානුකම්පාවෙන් බව ගෞතම බුදුරජාණන් වහන්සේ සිය අවසාන දේශනාව වන මහා පරිනිබ්බාන සූත්‍රයේ දී දේශනා කළහ.

නිවසේ දී, රැකියා කරන ස්ථානවල සහ සමාජය තුළ සූරාකෑමට සහ විවිධාකාර වෙනස්කම්වලට එරෙහිව කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්‍ෂාව කෙරෙහි අපේ රජය දැඩි අවධානයකින් පසුවේ. විවාහය, භාරකාරත්වය සහ උරුමය සම්බන්ධ යල්පැනගිය නීති දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාවත්කාලීන කරමින් පවතී. අපේ ආකල්පය මිනිස් ජාවාරම මුළුමනින්ම බැහැර කිරීමයි.

දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටලු අපගේ මනසෙහි ඉදිරියෙන්ම ඇත. මානව සංවර්ධනය සඳහා සමබර ප්‍රවේශයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව උපරිම උත්සාහයක් දරයි. වේගයෙන් වර්ධනය වන ජනගහනයට සහය දැක්වීම සඳහා ආර්ථික ගැටලු පිළිබඳ ප්‍රගතිය අවශ්‍ය වුවද පවතින පරිසරය තුළ මෙය කළ නොහැක.

අපේ රටට බුදු දහමේ වටිනා දායාදය රැගෙන පැමිණි ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජු අමතා ” රජතුමනි, ඔබ අපේ භූමියේ කඳුකරය , වනාන්තර, ගංගා සහ ඇළ දොළ,  සතුන් හා වෘක්ෂලතාවල පරම හිමිකරු නොව තාවකාලික භාරකරු පමණයි. මෙම වත්කම් ඔබේ මුතුන් මිත්තන්ගෙන් ඔබට උරුම වූ පරිද්දෙන් අනාගත පරපුරට පැවරීමට ඔබ බැඳී සිටිනවා” යැයි පවසා තිබේ.

අපේ සංස්කෘතිය හා බැඳී පවතින මෙම වදන් පරිසරය කෙරෙහි අපගේ අඛණ්ඩ ප්‍රතිපත්තිය මනාව අර්ථ දක්වයි.

සංහිඳියාව අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවයකි. ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය ඇතිවන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමඟ පවත්නා යහපත් සබඳතාවලිනි.

මෙතැනදීත්, අපේ ආගම අපට උගන්වන්නේ වෛරය ජයගන්නේ වෛරයෙන් නොව ආදරය තුළින් පමණක් බවයි. අතීතයෙන් හිමි වූ  දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, අප වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවයක අවශ්‍යතාවය , සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගතහොත් අප සැවොම බලා සිටින ආශ්වාදජනක නව මායිම වෙත ළඟා විය හැකියි.

යුරෝපයේ පැරණිතම ඉගෙනුම් මධ්‍යස්ථානය වන බොලොඤ්ඤා හි පැවැත්වෙන මෙම ප්‍රබෝධමත් සැසිවාරය ඊට  වටිනා දායකත්වයක් සපයයි.  අවුරුදු හතක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදය, අන්තර් සංස්කෘතික සංවාදය සඳහා ද දුර්ලභ අවස්ථාවකි.

මෙම වටිනා සංසදයේ ආරම්භක සැසිය ඇමතීමට ආරාධනා කරමින්  ඔබ මා වෙත දැක්වූ ගෞරවය කෘතඥපූර්වකව සිහිපත් කරමි. මහාචාර්ය මෙලොනි සහ ඔහුගේ සංවිධායක මඩුල්ලට හදවතින්ම ස්තූතිවන්ත වන අතර ඔබ කරන මේ වටිනා සාකච්ඡාව සාර්ථක වේවා! යැයි සුබ ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි!

No comments

Ads Place