Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නුවරඑලියේ එලවළු වගා පලදාව අඩුයි.. පොහොර හදන්න දමයි..

  නුවරඑලියේ එලවළු වගා කරන ඇතැම් ගොවින්ගේ එලවළු ඵලදාව මෙම කන්නයේදි සාර්ථක නොවු නිසා එම අස්වැන්න කපා ඉවත් කර කොමිපොස්ට් පොහොර නිෂ්පාදනය සදහා ය...


 නුවරඑලියේ එලවළු වගා කරන ඇතැම් ගොවින්ගේ එලවළු ඵලදාව මෙම කන්නයේදි සාර්ථක නොවු නිසා එම අස්වැන්න කපා ඉවත් කර කොමිපොස්ට් පොහොර නිෂ්පාදනය සදහා යොදා ගන්නා බව එම ගොවින් කියා සිටියි.

මෙම කන්නයේදි තමන් ලික්ස්, ගෝවා, කැරට්,සලාද වගා කල බවත්, එම වගාව සදහා රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා නොකල නිසා තම අස්වැන්නේ පැහැය සහ ඵලදාව අඩුවි ඇති නිසා එම එලවළු වලට වෙලදපොලේ මිලක් නොමැති බවයි එම ගොවින් කියා සිටින්නේ.

නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් සුළු පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින්ට නිසි ලෙස රසායනික පොහොර ලබා නොදෙන බවත්, තම වගාව එක වරම කාබනික පොහොර භාවිතයට හුරු කල නොහැකි බවයි එම ගොවින් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත නුවරඑලියේ වගා කරන එලවළු සදහා ඉහල ඉල්ලුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ නුවරඑලිය එලවළු වගා ගොවින්ගේ අනාගතය දැඩි අවධානමක පවතින බව නුවරඑලියේ එලවළු වගා අස්වැන්න අඩු වු ගොවින් කියා සිටියි.

නුවරඑලිය එලවළු වගා කරන ගොවින්ට කොම්පොස්ට් පොහොර භාවිතයට හුරුවන තෙක් රසායනික පොහොර සහ කෘමිනාශක ලබාදෙන ලෙස ගොවින් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

lankacnews

No comments

Ads Place