Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැළණි පාලමේ යකඩ හොරකමේ ගිය තවත් ඉන්ජිනේරුවකු හා රියැදුරකු අල්ලයි!

 කැලණිය නව ගුවන් පාලම් ව්‍යාපෘතියට අයත් වැඩබිමේ තිබූ ටොන් හැටකට වඩා බරින් යුත් රුපියල් දාසය ලක්ෂ පහළොස් දහසක වටිනාකමින් යුත් ජී.අයි. යකඩ බට ...


 කැලණිය නව ගුවන් පාලම් ව්‍යාපෘතියට අයත් වැඩබිමේ තිබූ ටොන් හැටකට වඩා බරින් යුත් රුපියල් දාසය ලක්ෂ පහළොස් දහසක වටිනාකමින් යුත් ජී.අයි. යකඩ බට 190ක් එම වැඩබිමෙන් රැගෙන ගොස් කොළඹ කොටහේන පොලිස් වසමට අයත් පැරඩයිස් වත්ත ප්‍රදේශයේ යකඩ බඩු කඩයකට රුපියල් හාරලක්ෂ තිස් එක්දාහක මුදලකට අලෙවි කළ සිදුවීමට සම්බන්ධ එම වැඩබිමේ තවත් ඉන්ජිනේරුවරයකු සහ රියැදුරකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් 6 වැනිදා සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම යකඩ ජාවාරම සම්බන්ධයෙන් තවත් පිරිසක් සිටින බවට ලද හෝඩුවාවන් ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසිය 6 වැනිදා එම වැඩබිමේ සේවය කළ මෙම ඉන්ජිනේරුවරයා සහ රියැදුරු අත්අඩංගුවට ගත් අතර 7 වැනිදා ඔවුන් අලුත්කඩේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අධීක්ෂණය මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.වයි.එස්. කීර්තිසිංහ, පොලිස් පරීක්ෂක රුමේෂ් රත්නායක, උප පොලිස් පරීක්ෂක දෙහිදෙණිය, පොලිස් සැරයන් ක්‍රිස්ටි (20641) ඇතුළු නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

noizetv

No comments

Ads Place