Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක්

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. අද මාධ්‍...


ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. අද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඒ පිළිබද කළ විමසීමකදී ඔහු ඒ බව සදහන් කළා.


මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 20 ත් 29 අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිසට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණා. මෙම සතියේ ඉදිරි දිනවලදී ද එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. රට පුරා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහ සම්බන්ධයෙන් ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පළ කළා. 


මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,245 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 65,012 ක්. ඉන් ආසාදිතයින් 68,363 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

nethnews

No comments

Ads Place