Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ පරිමාන වී මෝල් හිමියන්ගේ වී-සහල් තොග රජයට පවරා ගන්නැයි නියම කෙරේ….

  මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගෙන එහි ඇති සහල් හා වී තොග වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළෙඳ ඇම...

 


මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගෙන එහි ඇති සහල් හා වී තොග වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී පෙරේදා (6 වැනිදා) මෙම උපදෙස් ලබාදී ඇත.

අතර මැදියන් වී රැස් කිරීම හේතුවෙන් සහල් මිල පාලනය කිරීමට නොහැකි බවට මහා පරිමාණ වී මෝල් හිමියන් මීට පෙර ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලියාපදිංචි නොකළ ගබඩා තුළ තිබූ වී මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් සොයා ගෙන අත්‍යවශ්‍ය සේවා ​කොමසාරිස්වරයා යටතට පත් කර තිබේ. එම වී තොග සහල් බවට පත් කරන ලෙස ආණ්ඩුව මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් කළ ඉල්ලීමක්ද ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව මෙම සතියේදී මහා පරිමාණ වී මෝල් හිමියන් සතු වී ගබඩා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත්කර කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදී සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. වෙළෙඳපොළේ සුදු හා රතු කැකුළු මෙන්ම නාඩු සහල් තිබුණ ද සම්බා හා කීරි සම්බා සහල් නොමැති බවද අනාවරණය වේ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් හතර දෙනා පෙරේදා (6 වැනිදා) දිනයේදී වෙළෙඳපොළට නිකුත් කර ඇත්තේ සහල් කිලෝග්‍රෑම් තුන්ලක්ෂ විසිහයදහස් දෙසීය හැත්තෑවක් (326270) ක් පමණක් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය අනාවරණය කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම සහල් මෝල් හතර මගින් ලබාගත් තොරතුරුවලට අනුව ගබඩාවල වී කිලෝග්‍රෑම් මිලියන 136 ක් ඇති බවද අනාවරණය වී ඇත. කීරි සම්බා, සම්බා කැකුළු, සම්බා, රතු කැකුළු, රතු නාඩු, සුදු කැකුළු හා නාඩු සහල් අවම වශයෙන් මෙම වී මෝල්වලින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

lankacnews

No comments

Ads Place