Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනවසරයෙන් මෙරටට ඖෂධ ගෙනා ඉන්දිය ජාතිකයින් දෙදෙනෙක් රේගු භාරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව, ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන...


සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව, ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු නිලධාරීන් පිරිසක් විසින්. 


සිය පෞද්ගලික අත් බෑගයන් තුළ මෙම ඖෂධ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. විවිධ රෝගී තත්වයන් හමුවේ භාවිතා කරන ඖෂධ වර්ග 10 ක් පමණ එම බෑගයන් තුළ තිබී හමුවී ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

nethnews

No comments

Ads Place