Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරිය තවත් සති දෙකක් දීර්ඝ කළ යුතුයි

  කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැති...

 


කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.


මේ අතර කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවත් සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බව විශේෂඥ මතය යැයිද ඇය සඳහන් කළාය.


කොවිඩ් රෝගීන්ගේ සහ කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට නැති හෙයින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ජනතාව ඒකරාශීවීම වැළැක්වීම තවදුරටත් කළ යුතු බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමාජයේ පවුල් පිටින් කොවිඩ් ආසාදනයවන තත්වයක් පෙනෙන්නට ඇතැයිද කීවාය.


රෝග ලක්ෂණ නැති අය සමාජයේ සිටීම භයානක බවද ඇය පැවසුවාය.


දැනට පවතින කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කළද එය රටක් හැටියට දීර්ඝ කාලීනව කළ හැකි දෙයක් නොවන බවත් ඉදිරියේදී ජනතාවට කොවිඩ් රෝගය හමුවේ ඊට අනුගතව සෞඛ්‍යාරක්ෂිතව ජීවත්වීමට සිදුවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.


දකුණු අප්‍රිකාවේ පැතිර යන සැර කොරෝනා ප්‍රභේදය දැනට එංගලන්තයටද පැතිර ඇති හෙයින් එය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන බව රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් කීවාය.

lankadeepa

No comments

Ads Place