Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

වන අලි වතුර සොයමින් තන්තිරිමලේ ගල් පර්වතයේ මුදුනට නගිති

  දැඩි නියඟයත් සමගම තන්තිරිමලේ ප‍්‍රදේශයට ජලය සොයා පැමිණෙන වන අලින් ගල් පර්වතය මුදුනට නැග ඊට යටින් පිහිටි පොකුණේ ජලය දෙස බලා සිටින බව තන්තිර...

 


දැඩි නියඟයත් සමගම තන්තිරිමලේ ප‍්‍රදේශයට ජලය සොයා පැමිණෙන වන අලින් ගල් පර්වතය මුදුනට නැග ඊට යටින් පිහිටි පොකුණේ ජලය දෙස බලා සිටින බව තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නායක හිමියෝ පැවසූහ.


මෙසේ පැමිණෙන වන අලි ගල් පර්වතය මුදුනේ ඇති බෝධීන් වහන්සේගේ කොළ කෑමට පටන් ගතහොත් විශාල විනාශයක් සිදුවන බැවින් මේ දිනවල විහාරස්ථානයේ ආරක්ෂාවට සිටින පිරිස දැඩි අවධානයකින් යුතුව පසුවෙති. තන්තිරිමලේ විහාරස්ථානයේ ගල් පර්වතය මුදුනට වන අලි පැමිණීම ඉතා දර්ශනීය දසුනක් වූවත් ඇතැම් විට ඔවුන්ගෙන් විහාරස්ථානයට හානි සිදුවිය හැකි බවට තන්තිරිමලේ නායක හිමියන්ගේ හිතවතුන් නායක හිමියන්ව දැනුවත් කොට තිබේ.

devaina

No comments

Ads Place