Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර නියාමක තනතුර සඳහා බඳවා ගත් නිලධාරීන් අද රාජකාරියට

බන්ධනාගාර නියාමක තනතුර සඳහා බඳවා ගත් නිලධාරීන් අද රාජකාරි ආරම්භ කරනවා.  එම තනතුර සඳහා බඳවා ගැනීමට 2019 වසරේ විභාගයක් පැවති අතර එම විභාගයෙන් ...


බන්ධනාගාර නියාමක තනතුර සඳහා බඳවා ගත් නිලධාරීන් අද රාජකාරි ආරම්භ කරනවා. 


එම තනතුර සඳහා බඳවා ගැනීමට 2019 වසරේ විභාගයක් පැවති අතර එම විභාගයෙන් මෙන්ම ශාරීරික හා සම්මුඛ පරීක්ෂණවලින් සමත් වු 788 දෙනෙකු සිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් බවයි  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 


ඉන් වැඩිම  පිරිස වන 58 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයට අනියුක්ත කර තිබෙනවා. 


තවත් බන්ධනාගාර නියාමකවරුන් 55 දෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයටත්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට සහ මැගසින් බන්ධනාගාරයට 40 දෙනා බැගින් ද අනියුක්ත කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. සෙසු නව නිලධාරීන් අනෙකුත් බන්ධනාගාරවලට අනියුක්ත කෙරුණා. 


අද රාජකාරි ආරම්භ කරන එම නිලධාරීන්ට අදාල බන්ධනාගාරයවලදී සති දෙකක මූලික පුහුණුවක් ලබා දෙනවා. 


ඒ රට තුළ  පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින්. 


එම පුහුණුවෙන් පසු ජේ්‍යෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ  නව බන්ධනාගාර නියාමකයවරුන් රාජකාරි සඳහා අනියුක්ත කෙරෙනු ඇති.

nethnews

No comments

Ads Place