Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු සංගම් මස් රාත්තලම ඉල්ලන්න එපා

  එළඹෙන අයවැයේදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතා පියවර කිහිපයක් යටතේ ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අවස්ථාවක ෂයිලොක්ලා වගේ මස් රාත්...

 


එළඹෙන අයවැයේදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතා පියවර කිහිපයක් යටතේ ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අවස්ථාවක ෂයිලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලන්න එපා යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.


අදාළ ගැටලූව සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ගැටලූව පියවර කිහිපයක් යටතේ විසඳෙන ආකාරයට නිර්දේශ ඉදිරිපත් කළ බව ද ඇමැතිවරයා කීවේය.


කැබිනට් මණ්ඩලය එම නිර්දේශ සලකා බලා ලබාදුන් පොදු විසඳුම පිළිගන්නා ලෙස ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිමින් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.


කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව විදුහල්පති සේවයේ තුන ශ්‍රේණියට වැටුප් සියයට දහනවයයි දශම පහයි හතරකින් වැඩි වෙනවා. දැන් තියෙන්නේ රුපියල් තිස්පන්දහස් ගානක්. ඒක හතළිස් දහස් ගානක් දක්වා වැඩි වෙනවා. විදුහල්පති දෙවැනි ශ්‍රේණියේ දෙකට දැන් තියෙන්නේ හතළිස් දෙදහස් ගානක්. ඒක පනස් අටදහස් තුන්සිය හතළිස් පහකට වැඩි වෙනවා.


රජයක් හැටියට දෙන්න පුළුවන් සාධාරණම විසඳුම තමයි මේ දීලා තියෙන්නේ. සුබෝධනීගේ නම නැහැ කියලා කවුරුහරි කෑගහනවා නම් ඒ මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා මිස වෙන කවුරුත් නෙමෙයි.


ඒ වගේම අනුකමිටුව අයවැය වෙනකම් රුපියල් 5000ක් ගානේ දෙන්න කියලා කිව්වෙ නැහැ. ඒක ඇත්තටම වැඩි හොඳක් විදිහට හිතලා අමාත්‍ය මණ්ඩලයේදී මුදල් ඇමැතිවරයා කළ යෝජනාවක්. ඒක කළේ ගුරුවරුන්ට විශ්වාසයක් ඇති කරන්නයි. නමුත් පන්දාහෙ කතාව පැත්තකට දාලා මේ පොදු විසඳුම පිළිගන්න කියලා අපි විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

devaina

No comments

Ads Place