Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැපිය හැකි වියදම් ගැන වාර්තාවක් ඉල්ලයි

 එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්ව...


 එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .


කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව ද මහා භාණ්ඩාගාරයට නොපමාව දැනුම් දෙන්නැයි ද මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා ඇත .


කොවිඩ් අර්බුදය හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවීමත් ,එම ආදායම මේ වසරේ රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමත්, සැලකිල්ලට ගනිමින් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ .


රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ගිය සතියේ දී කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරනු ලැබීය .


ප්‍රතිපාදන වෙන්වි තිබුණද, දැනට ආරම්භ කර නොමැති සියලු ව්‍යාපෘති නතර කෙරෙන අතර, අමාත්‍යංශ වල නව මිලදීගැනීම් ඉදිකිරීම් සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු ද ඊට අනුව තාවකාලිකව අත්හිටුවනු ඇත .


මේ අතර ,අමාත්‍යාංශ හා ආයතන වල නිලධාරීන්ගේ පැමිණීම පදනම් කරගත් ඉන්ධන දීමනා ආදී දීමනා, සේවයට වාර්තා කරනු ලබන දිනවලට පමණක් ලබාගන්නා ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කරන්නැයි මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .


මේ වසරේ ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම රුපියල් කෝටි ,2,69,400 ක් පමණ වන අතර, එන්නත්කරණය, සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, බලපෑමට ලක්වූ පවුල් සඳහා සහන සැලසීම, ආදී වියදම් හේතුවෙන් එම වියදම තවත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබේ .

lankadeepa


 

No comments

Ads Place