Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘මේ මොහොතේ කළ යුත්තේ ජන ජීවිත බේරාගැනීමයි’

  මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නොව ජන ජීවිත බේරා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී  අද (06)පැවස...

 


මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නොව ජන ජීවිත බේරා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී  අද (06)පැවසීය.


හදිසි නීති රෙගුලාසිවලට සමගි ජනබලවේගය තරයේ විරුද්ධ බවත්, එවැන්නක් ගෙනැවිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමට ආණ්ඩුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.


බඩුමිල පාලනයට හදිසි නීතිය අවශ්‍ය නැති බවත් ඒ වෙනුවට 2003 අංක 9, දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත සහ එම අධිකාරිය ඒ වෙනුවෙන් තිබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.



එහෙත් ආණ්ඩුව ඒවා බලාත්මක නොකර ගජමිතුරන්ට සහන සලසන බවත් ජනතාවට අවශ්‍ය එවැනි පාලනයක් නොවනබවත් ඒ මහතා පැවසීය.


කොවිඩි වසංගතය ජාතික ආපදා තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට 2005 ,අංක 13 දරන ව්‍යසන කළමනාකරණ  පනත අනුව බලතල හිමි බවත් එහෙත් ආපදා කළමනාකරණ  ජාතික සභාව හෝ පත්කිරිමට ජනාධිපතිවරයා තවමත් කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත්  පැවසීය.

lankadeepa

No comments

Ads Place