Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොකු ලූනු ආනයන බද්දේ වාසිය අපේ ගොවියාටයි!

 ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක් පනවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හ...


 ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක් පනවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසුවේ දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන වකවානුවේදී මෙරට ගොවියාට එමඟින් අසාධාරණයක් නොවීම පිණිස මේ තීරණය ගත් බවයි. 


මෙරට ලොකු ලූනු අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 2,90,000ක් බවත් මෙදා මෙරට ලොකු ලුනු අස්වැන්න මෙටි්‍රක් ටොන් 60,000ක් බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා මෙවර අස්වැන්න මේ දිනවල වෙළෙඳපොළට නිකුත් කෙරෙන නිසා දේශීය ලොකු ලූනු වගා කර ඇති ගොවියාට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගැනීමට අවකාශය ලබාදෙමින් මෙතෙක් පැවැති රුපියල් 15ක ආනයනික බද්ද ඉහළ දමමින් ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළ  බවද පවසයි. 


“මාස දෙකක් තුළ ලොකු ලූනු මෙටි්‍රක් ටොන් හැටදාහක් වෙළෙඳපොළට එනවා. මේ වෙලාවේ ආනයනය කරන්න ගියොත් දේශීය ලූනු ගොවියට ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මේ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා අවධානය යොමු කරලා රුපියල් 40කින් ආනයනය කරන ලොකු ලූනු සඳහා බද්දක් පනවලා දේශීය ගොවියා ශක්තිමත් කිරීම සඳහා තමයි රජයේ මේ තීන්දුව ගත්තේ. 


පසුගිය 08දා රාත්‍රි 12 සිට ලොකු ලූනු ආනයනය කරනවා නම් ඒ සඳහා රුපියල් 40ක බද්දක් ගෙවන්න වෙනවා. ඉදිරි මාස දෙකේ ගොවියන්ට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නෑ. ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලැබෙනවා” යැයිද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

noizetv

No comments

Ads Place