‘කොරෝනා’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් සඳහා ලබාදෙන එන්නත් මිලිග්‍රෑම් 200 බැගින් වන කුප්පු 10 ක් සහ බෙහෙත් පෙති විශාල තොගයක් සමඟ ඉන්...
‘කොරෝනා’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් සඳහා ලබාදෙන එන්නත් මිලිග්‍රෑම් 200 බැගින් වන කුප්පු 10 ක් සහ බෙහෙත් පෙති විශාල තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන එම ඖෂධ තොගය රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර උෂ්ණත්වයක ගබඩාකර ප්‍රවාහනය කළ යුතු ‘ටොසිලියුමාබ්’ එන්නත් සාමාන්‍ය උෂ්ණත්වයේ මෙම පුද්ගලයන් ප්‍රවාහනය කර ඇතැයි කී එම නිලධාරියා අදාල ප්‍රද්ගලයන් දෙදෙනා නිරෝධායනය සඳහා යුද හමුදාවට බාර දී ඇතැයි ද සඳහන් කළේය.
මෙම බොහෙත් තොගය ජාතික ඖෂධ නියාමන ආධිකාරියේ කිසිඳු අවසරයකින් තොරව ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව එම අධිකාරිය ද සනාථ කර ඇති බව ද වාර්තා වේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන්මගීන් හරහා ඖෂධ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් රේගු දෙපාර්තමේන්තුව මෙම ජාවාරම පිළිබඳව දැඩි සෝදිසියෙන් පසු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
lankadeepa
No comments