Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නවසීලන්තයේදී වෙඩි කෑ ශ්‍රී ලාංකිකයාගේ ත්‍රස්ත සබඳතා හෙළි වෙයි

නවසීලන්තයේ, ඕක්ලන්ඩ් හි සුපිරි වෙළද සංකීර්ණයකට ඇතුලුවී පුද්ගලයින් 06 දෙනෙකුට පිහි ඇනුමක් සිදුකළ ශ්‍රී ලාංකිකයා අයි එස් සංවිධානයේ අනුගාමිකයෙක...


නවසීලන්තයේ, ඕක්ලන්ඩ් හි සුපිරි වෙළද සංකීර්ණයකට ඇතුලුවී පුද්ගලයින් 06 දෙනෙකුට පිහි ඇනුමක් සිදුකළ ශ්‍රී ලාංකිකයා අයි එස් සංවිධානයේ අනුගාමිකයෙකු බව එරට බලධාරීන් අද අනාවරණ කළා. ඉස්ලාමිය අන්තවාදී අදහස් දැරූ ඔහු එරට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් ඝාතනයට ලක් වුණා. මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ශ්‍රී ලාංකික ජාතිකයෙකු බව තහවුරු කරනු ලැබුවේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් විසින්.


මෙම ශ්‍රී ලාංකිකයා සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුල් වී එහි සිටි පුද්ගලයින්ට පිහි ප්‍රහාරයන් එල්ල කිරීම ආරම්භ කර මිනිත්තුවක කාලයක් ගත වීමට පෙර ආරක්ෂක අංශ විසින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සමත්ව තිබෙනවා. 


සැකකරු නවසීලන්තයේ වසර 10ක කාලයක සිට පදිංචිව සිට ඇති අයෙක්. ඔහු සම්බන්ධයෙන් වසර 05ක කාලයක් පුරා එරට ආරක්ෂක අංශ අවදානයෙන් පසුවූ බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ. මාධ්‍ය අමතමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පැවසුවේ ”ප්‍රචණ්ඩ අන්තවාදියෙකු” අහිංසක නවසීලන්ත ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ බවයි.

nethnews

No comments

Ads Place