Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හමුදාවට ෆයිසර් දීම ගැන වෛද්‍ය සංගමයෙන් දෝෂාරෝපණයක්

  ෆයිසර් එන්නත් යුදහමුදාවට ලබාදී විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව විවිධ ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට ලබාදීම අනුමත නොකරන බව රජයේ වෛද්‍ය නිලධා...

 


ෆයිසර් එන්නත් යුදහමුදාවට ලබාදී විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව විවිධ ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට ලබාදීම අනුමත නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි .


වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා සුළු ප්‍රමාණයක් නිකුත් කරන අවස්ථාවක යුද හමුදාවට කිසිදු හිඟ තාවයකින් අඛණ්ඩව එන්නත් සැපයීම සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.


උයන්වල, වෙන වෙන තැන්වල එන්නත්කරණය සිදු කිරීමට වඩා එම කටයුත්ත සිදුකිරීමට සුදුසුම ස්ථානය රෝහල් පද්ධතිය බවද කල්ප කාලාන්තරයක් තිස්සේ මේ රටේ එන්නත්කරණය රෝහල් පද්ධතිය හරහා ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කළ බවද ඔහු සඳහන් කළේ‍ය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවකට අනුව ජනාධිපතිවරයා එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල එන්නත්කරණ ක්‍රියාවලියට සමගාමීව රෝහල් පද්ධතියද ඊට අනුබද්ධ කිරීම අනුමත කළ බව පැවසූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා එම වැඩපිළිවෙළ හරහා එන්නත් මාත්‍රා ලක්ෂ 5 සීමාව ඉක්මවා දෛනිකව ලබා දිය හැකි බව ක්‍රියාවෙන් සනාථ කර ඇති බවත් හෙතෙම පැවසුවේය


රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන්නත් මධ්‍යස්ථාන වෙත එන්නත් සුළු වශයෙන් නිකුත් කිරීම නිසා අද එම මධ්‍යස්ථාන වල අධික තදබදයක් ඇතිවී ඇති බවත් එම තදබදය ජනතාව දැඩි අවදානමට ලක් කරන්නක් බවත් වෛද්‍යවරයා කීවේය.


ලෝකයේ කීර්තිමත් පිළිගැනීමක් ඇති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සහ එන්නත්කරණ වැඩසටහන අපකීර්තියට පත් කරමින්ද ජනතාව අපහසුතාවයට හා අවදානමට ලක් කරමින්ද කරගෙන යන මෙම ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාටද පැමිණිලි කළ බව එම සංගමය ප්‍රකාශ කරයි.

lankadeepa

No comments

Ads Place