Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කබ්රාල් විශ‍්‍රාම ඉල්ලයි…

  සියලුම හිටපු මහ බැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල් ද සහිතව විශ්‍රාම වැටුප් ලබා දීමට තමන් උත්සාහ දරන බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් හා ප්‍රා...

 


සියලුම හිටපු මහ බැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල් ද සහිතව විශ්‍රාම වැටුප් ලබා දීමට තමන් උත්සාහ දරන බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඒ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Press Release

“හිටපු සියළුම මහබැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල්ද ඇතුළුව විශ්‍රාම වැටුප් ලබා දීමට කබ්රාල් උත්සාහ කරයි (“Cabraal pushes for pensions with arrears for all Central Bank governors) යන මැයෙන් 2021 සැප්තැම්බර් මස 5 වන ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධවයි:

එම ප්‍රවෘත්තිය පිළිබඳ සත්‍ය කරුණු මෙසේය:

1. මා මහබැංකු අධිපති වශයෙන් 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් සේවය කළෙමි.

2. මාගේ පත්වීම් ලිපියට අනුව “විශ්‍රාම” වැටුපකට මට හිමිකමක් ඇත.

3. මා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද කිසිදු විශ්‍රාම වැටුපක් මා වෙත ලබාදී නොතිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් 2019.02.12 දින එවකට මහබැංකු අධිපති කුමාරස්වාමිට මවිසින් දැනුම් දෙන ලදී.

4. අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක මවිසින් සිදු කර නොමැත.

lankacnews

No comments

Ads Place