Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නුවරඑළියේ රක්ෂිතයක දර කැඩීමට ගිය තරුණියක් අතුරුදන්

දර කැඩීම සඳහා සිය මව සමග නුවරඑළිය, ඩන්සිනන් රක්ෂිතයට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන්වී තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ ඩන්සිනන් වතුයායේ පහළ ...


දර කැඩීම සඳහා සිය මව සමග නුවරඑළිය, ඩන්සිනන් රක්ෂිතයට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන්වී තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ ඩන්සිනන් වතුයායේ පහළ කොටසේ පදිංචි තරුණියක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 


ඊයේ උදෑසන සිය මව සමග රක්ෂිතයට ඇතුළු වී ඇති තරුණිය පහළ රැඳී සිටින ලෙස මවට පවසා දර කැඩීම සඳහා රක්ෂිතයේ ඉහළට ගොස් තිබෙනවා. තමන් පස්වරු 02 පමණ වන තෙක් රැඳී සිටියත් දියණිය නොපැමිණි බැවින් අසල්වාසීන් සමග පැමිණ රක්ෂිතය පුරා දියණිය සෙවූ බවයි මව පවසන්නේ. අතුරුදන්ව ඇති තරුණිය අපස්මාරය රෝගයෙන් ද පෙළෙනු තැනැත්තියක්.


 තරුණිය සොයා යුද්ධ හමුදාව, පොලීසිය සහ ඩන්සිනන් වතුයායේ කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

nethnews

No comments

Ads Place