Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාඩ්එක ‘ෂෝක්’ කරගෙන එන්නතට බොරුව දාලා

  ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඞ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනකු සහ ප...

 


ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඞ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු ඊයේ (09 දා) දහවල් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු, කෝන්ගහ පාර පදිංචි 48 හැවිරිදි සහ 43 හැවිරිදි සොහොයුරියන් දෙදෙනකු හා තනිපොල්ගහ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.

මෙම සිව්දෙනා සංඝමිත්තා විදුහලේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා නොගෙන කාඞ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටියදී එහි සිටි නිලධාරින් විසින් එය දැක පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.

පසුව එම සිව්දෙනා පොලිස් භාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත ගෙනැවිත් කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ සොහොයුරියන් දෙදෙනා පසුගිය මාසයේ 11 වැනිදා පැමිණ පළමු එන්නත ද ලබාගත් බවට කාඞ්පත් ලකුණු කරගෙන ගොස් ඇති බවය. ඔවුන්ගේ පියා ද එන්නත් විදගත් බවට කාඞ්පත ලකුණු කරවාගෙන ගොස් ඇති බව ද හෙළිවී ඇත.

පිරිමි පුද්ගලයා පවසා ඇත්තේ තමාට එන්නත් විද ගැනීමෙන් පසු අසාත්මිකතා ඇති වන නිසා විද නොගත් බවය. ඉදිරියේ දී පරීක්‍ෂා කිරීම් වන විට එන්නත විදගත් බව පෙන්වීමට අවශ්‍ය වන නිසා කාඞ්පත් ලකුණු කරවා ගෙන යෑමට සූදානම් වූ බව ද ඔහු පවසා ඇත.

ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 267 වැනි වගන්තිය යටතේ අන්තරාදායක රෝගයක් පැතිරවීමට හැකි අයුරින් නොසැලකිලිමත් ලෙස ක‍්‍රියා කිරීම යන චෝදනාව යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි

devaina

No comments

Ads Place