Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන්ට ඇති වෙයි.. සමාව දෙන්නැයි ජනපතිගෙන් යලිත් අයදී..

  බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එම දඬුවමෙන් නිදහස් කරන්නයි ඉල්ලා සිටිමට සමගි ජ...


 බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එම දඬුවමෙන් නිදහස් කරන්නයි ඉල්ලා සිටිමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එම ඉල්ලීම සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන බව පවසා තිබේ.

එමෙන්ම බන්ධනාගාර රැඳවියන් බැලීමට යාම කොරෝනා තත්ත්වය නිසා සීමා කර ඇති පසුබිමක ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී වෙදාරච්චි මහතා පැවරීමට තීරණය කර ඇත.

ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් අදාල ඉල්ලීම කරමින් අද දිනයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

lankacnews

No comments

Ads Place