Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණු අප‍්‍රිකා තරගය අද ජයගත යුතුමයි.. පැරදුනොත් ලංකාව අවදානමක…

  අදාළ තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ (1 වැනිදා) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා නායකයා මේ බව කියා සිටියේය. දකුණු අ...


 අදාළ තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ (1 වැනිදා) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා නායකයා මේ බව කියා සිටියේය.

දකුණු අප්‍රිකා කණ්ඩායමක් අවසන් වරට 2018 වසරේදී ශ්‍රී ලංකා සංචාරයක නිරත වී ඇති අතර එහිදී ඔවුන් 3-2ක තරගාවලි ජයක් අත්කරගෙන ඇත. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින තරග 77කින් දකුණු අප්‍රිකාව තරග 44ක් ජය ගන්නා අතරවාරයේදී ශ්‍රී ලංකාවට ජයගත හැකිව ඇත්තේ ඉන් තරග 31ක් පමණි.

කෙසේ නමුත් දෙරට අතර පැවැති අවසන් එක්දින තරග 19 කින් ශ්‍රී ලංකාවට ජයගැනීම හැකිව ඇත්තේ 2018 වසරේ දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකා තරග සංචාරයේ පැවැති තරග දෙකක් පමණි.

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. අදාළ තරගාවලිය යටතේ තරග 12කින් 9ක් පරාජය වී සිටින ශ්‍රී ලංකාව මෙම තරගය පරාජය වුවහොත් අදාළ ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමේ අවධානම තවදුරටත් මතුවනු ඇත.

ඊයේ (1 වැනිදා) පස්වරුවේ පැවැති අවසන් පුහුණු සැසියෙන් අනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය වනු ඇති බවට දසුන් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

දිනේෂ් චන්දිමාල් සහ මිනෝද් භානුක අතරින් කඩුලු රැකීමේ වගකීම මිනෝද් භානුක වෙත හිමිවීමට නියමිතය. එසේම කලකට පසුව ජාතික සංචිතයකට එක් වූ දිනේෂ් චන්දිමාල්ට අද තරගයේදී අවස්ථාවක් හිමි නොවන බවටද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

අද තරගයේදී ක්‍රීඩා කරන තණතීරුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ‘දකුණු අප්‍රිකාවේ හොඳ වේග පන්දු යවන්නෝ දෙදෙනෙක් ඉන්නවා. නිමාවට පත් වූ ඉන්දීය තරගාවලියේ යොදා ගත්තා වගේ තරමක් මන්දගාමී තණතීරු අද තරගයේදී ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව’ යැයි කීවේය.
දකුණු අප්‍රිකාණු කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින බවත්, ඔවුන්ට වඩා ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් පිළිබඳව සියයට 200ක සහතිකයක් ලබාදිය හැකි බවත් දසුන් එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ ජෛව ආරක්ෂණ බුබුළට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් අතුරින් නායක දසුන් ශානක පමණක් ඉකුත් අප්‍රේල් මාසයේ මැද සිට නොකඩවා එම බුබුළේ රැඳී සිටී. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ‘දැන් ජෛව ආරක්ෂණ බුබුළ ජීවිතයට පුරුදුවෙලා තියෙන්නේ. මට හිතෙන විදිහට එළියේ ලොකු අවධානමක් තියෙනවා. ජෛව ආරක්ෂණ බුබුළක ඉන්න එක ගොඩක් ආරක්ෂිතයි කියලා හිතෙනවා. ඒ නිසා තරගාවලිය සඳහා සූදානමට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.’ යි කියා සිටියේය.

lankacnews

No comments

Ads Place