Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ඉදි කිරීම අත්හිටුවයි!

  විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ චෝදනා සහ විරෝධතා හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ. වාරිමාර්ග අධ්...

 


විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ චෝදනා සහ විරෝධතා හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ.


වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයන් මතු වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.


මහා සංඝරත්නය සහ ඊට අදාළ වෙනත් පාර්ශවයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.


ඔහු සඳහන් කළේ, අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව යම් එකගතාවයකට පැමිණියහොත් පමණක් එම ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන  බවය.


ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ ඉදිවෙන මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට පසුගිය 27 වන දා පොළන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක මහා සංඝරත්නය එම ස්ථානය වෙත වැඩම කළහ.


වසර 33ක (ක්‍රි.ව. 1153- 1186) කාලයක් රට පාලනය කළ පරාක්‍රමබාහු රජු, කෘෂි කර්මාන්තය නගා සිටු වීමට උපරිම දායක්වයක් ලබා දුන් රජ කෙනෙකු වන අතර පරාක්‍රම සමුද්‍රය පරාක්‍රමබාහු රජු ශ්‍රී ලාංකිකයන්ට ලබා දුන් සූවිශේෂි දායාදයකි.

noizetv

No comments

Ads Place