Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්‍ෂ පක්‍ෂයක මධ්‍යම කාරක සභිකයෙකුගේ සැගවූ සීනි තොග ගබඩාවක් මාට්ටුයි..

  සීනි තොග සඟවා ගෙන තිබියදී සොයා ගන්නා ලද සෑම ගබඩාවකට ම විපක්ෂයේ සම්බන්ධයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙර...


 සීනි තොග සඟවා ගෙන තිබියදී සොයා ගන්නා ලද සෑම ගබඩාවකට ම විපක්ෂයේ සම්බන්ධයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

හිටපු ඇමතිවරයෙක්ගේ, විපක්ෂයේ සිටින කවුරුන් කාගේ හෝ හිතවතෙක්, විපක්ෂයේ දේශපාලන පක්‍ෂයක අයෙක් ආදී ලෙස එසේ තොරතුරු හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව සීනි මිල වැඩිකිරීම සඳහා ඉතාම කාලකන්නි ලෙස කටයුතු කර ඇත්තේ විපක්ෂයේ පිරිස් විසින් බවත් හෙළි වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සීනි සගවාගෙන සිටියදී සොයාගන්නා ලද එක් ගබඩාවක් විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුට අයත් එකක් බව ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.


lankacnews

No comments

Ads Place