Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉදිරි දෙසතියේදී කොවිඩ් මරණත් ආසාදිත සංඛ්‍යාවත් අඩුවේවි!

 ඉදිරි සති දෙකක කාලය තුළ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාවේ ප්‍රමාණාත්මක අඩු වීමක් සිදුවනු ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිර...


 ඉදිරි සති දෙකක කාලය තුළ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාවේ ප්‍රමාණාත්මක අඩු වීමක් සිදුවනු ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ පවසයි. 


කොවිඩ් මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැතැයි පවසමින් විශේෂඥ කමිටුවෙන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත්වීම හා කොවිඩ් කමිටුවේ තීරණ ගැනීම පිළිබඳව යම් ගැටලුවක් ඇද්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසුවේ ඒ ගැන වෛද්‍යවරයාගෙන්ම විමසීම සුදුසු බවයි.  


“අපි අගය කරනවා එතුමා ඇතුළු සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ සෑම කෙනෙක්ම විශාල දායකත්වයක් මේ වෙනුවෙන් දක්වලා තියෙනවා. යුද හමුදාව විදිහට දක්වපු දායකත්වය අපි අගය කරනවා. රජයක් හැටියට අපි ඉදිරියටත් කටයුතු කරන්නේ අදාළ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව බව පැහැදිලිව සඳහන් කරනවා. 


දැන් මේ පවතින වර්තමාන තත්ත්වයත් එක්ක ඉතාම සාර්ථක එන්නත්කරණ වැඩසටහනත් එක්ක රෝගීන් ව්‍යාප්තවීමේ ප්‍රවණතාවයේ යම් කිසි අඩු වීමක් වාර්තා වෙමින් තියෙනවා. එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස ආසන්න වශයෙන් මිලියන 9.5ක් වෙනවා.  ජනගහනයෙන් අවුරුදු 30ට වැඩි සියලුම දෙනා ඉදිරි සති දෙකක කාලය තුළ සම්පූර්ණයෙන් එන්නත්කරණය කොට අවසන් කිරීමෙන් සහ ඔවුන්ගේ දේහය තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් වර්ධනය වීමෙන් ලංකාවේ රෝගීන්ගේ ප්‍රමාණයත් මරණයට පත්වන ප්‍රමාණයත් සැලකිය යුතු මට්ටමකින් අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා සෑම කෙනකුගේම විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ දායකත්වය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා” යැයිද අමාත්‍යවරයා පැවැසීය.

noizetv

No comments

Ads Place