Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිමෙන්ති මිශ්‍රණය නිවස මතට

 කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේ දී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් සවිකළ ලොරි රථයක් නිවසක් මතට පෙරලීමෙන්ක එම නිවසට දැඩි අලාභානි වී ඇතැයි කහතුඩුව පොලිස...


 කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේ දී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් සවිකළ ලොරි රථයක් නිවසක් මතට පෙරලීමෙන්ක එම නිවසට දැඩි අලාභානි වී ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.


නිවසේ නිදා සිටි කුඩා දරුවකු ඇතුළු සෙසු පුද්ගලයන්ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි.


අඹතලේ ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රය සහිත ලොරිය ගෝනපොල ප්‍රදේශයේ වැඩ බිමකට සිමෙන්ති රැගෙන යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.


අළුයම 4:30 ට පමණ අනතුර සිදුවී ඇති අතර අනතුර වන අවස්ථාවේදී නිවසේ ඉදිරි කාමරේ වයෝවෘද්ධ යුවළක් නිදා සිටි ඇති අතර සෙසු සිව්දෙනා නිවස තුළ නිදා සිටියදී මම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.


නිවසේ ඇඳ මත සිටි වයෝවෘද්ධ කාන්තාව ගේ ඇඟ මතට නිවසේ බිත්ති කඩා වැටී තිබී ඇති අතර හාස්කමකින් මෙන් ඇයට කිසිදු තුවාලයක් සිදුවී නැති බවත් පොලිසිය කියයි.


සිමෙන්ති මිශ්‍රණය පදවා ඇත්තේ වයෝවෘද්ධ පුද්ගලයකු බවත් ඔහු ඊයේ රාත්‍රියේ  අවස්ථා තුනකදී අඹතලේ සිට සිමෙන්ති රැගෙන ගෝනපොල ට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

lankadeepa

No comments

Ads Place