Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිගටම වර්ජනයේ නිසා ගුරු – විදුහල්පතින්ට පන්දාහදීමට බැහැ – ඇමැති දිනේෂ් කියයි

 ගුරු-විදුහල්පතිවරුන් සඳහා රජය විසින් රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කළද එය ලබාදීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ...


 ගුරු-විදුහල්පතිවරුන් සඳහා රජය විසින් රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කළද එය ලබාදීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවැසීය.


මෙම ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා මාස 2 ක් යනතරු රුපියල් පන්දහස බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ ඔන්ලයින් තාක්‍ෂණයෙන් දරුවන්ට ඉගැන්වීමේදී වැයවන මුදල පියවීමේ අරමුණින් බවද අමාත්‍යවරයා කියා සිටියේය.


ගුරු-විදුහල්පති වැටුප් විසඳීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අදියර 4 ක් යටතේ විසඳුම් ලබාදීමට යෝජනා කර තිබෙන බවත්, ඉදිරි අයවැයේදී සහනයක් ලබාදෙන තෙක් මාස දෙකක කාලයක් රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


එහෙත් මෙම ගුරු විදුහල්පති සංගම් අඛණ්ඩවම මෙම වෘත්තිය කි‍්‍රයාමාර්ගවල නිරතවීම නිසා එම දීමනාව ලබාදීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය.


මාස 2 ක් තිස්සේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතු නතර කර වර්ජනයේ නියැළීම පිිළිබඳව ගුරු-විදුහල්පති සංගම් වෙත තම අප‍්‍රසාදය පළ කරන බවද අමාත්‍යවරයා පැවැසීය.


දරුවන්ගෙන් පළිනොගෙන දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු සිදුකරන ලෙස සියලූ ගුරුවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

devaina

No comments

Ads Place