Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආවා කල්ලි නායකයා අත්අඩංගුවට පත්වීමෙන් උරණ වූ ගෝලයෝ කපාකොටාගෙන රෝහලේ…

  යාපනයේ ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙසින් සැකකෙරෙන විනෝදන් නැමත්තා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 01 රාත්‍රියේ එම කල්ලියේ සාමාජිකයින් අතරවූ ගැ...

 


යාපනයේ ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙසින් සැකකෙරෙන විනෝදන් නැමත්තා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 01 රාත්‍රියේ එම කල්ලියේ සාමාජිකයින් අතරවූ ගැටුමකින් බරපතල තුවාල ලබා එක් අයෙකු රෝහල්ගත්කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය මරුදනාමඩම් පොළ ආසන්නයේදී 01 රාත්‍රියේ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු විසින් මාර්ගයේ ගමන්ගත් අයෙකුට තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

ආවා කල්ලි නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා එම කල්ලියේම සාමාජිකයෙකු විසින් පොලීසියට ඔත්තුවක් දී ඇතැයි සැකපිට මෙම ප්‍රහාරය එම කල්ලි සාමාජිකයින් විසින් සිදුකරන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැකපල කර සිටියි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ආවා කල්ලි නායාකයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙට නියෝග කොට ඇති අතර එම කල්ලියේ සෙසු සාමාජිකයින්ද අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලීසිය පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

lankacnews

No comments

Ads Place