Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කේරළ ප‍්‍රාන්තයේ පැතිරෙන නිපා ගැන ශ‍්‍රී ලංකාවේ අවධානය

 ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ පැතිරීමේ දැඩි අවදානමක් පවතින ‘නිපා’ වෛරස් ආසාදනය සංචාරකයන් හරහා ඕනෑම රටකට පැමිණිය හැකි නිසා ඒ පිළිබඳව ශ‍්‍රී ලංක...


 ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ පැතිරීමේ දැඩි අවදානමක් පවතින ‘නිපා’ වෛරස් ආසාදනය සංචාරකයන් හරහා ඕනෑම රටකට පැමිණිය හැකි නිසා ඒ පිළිබඳව ශ‍්‍රී ලංකාවද අවධානයෙන් පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.


මෙම වෛරස් ආසාදනය පිළිබඳව තවමත් වැඩි තොරතුරක් මෙරටට ලැබී නොමැති බවත් කෙසේ වුවද රටට ආසන්න වීම නිසා දකුණු ඉන්දියාවේ පැතිරෙන රෝග තත්ත්වයක් මෙරටට පැමිණීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය හේරත් මහතා කීවේය.


මේ අතර ඊයේ (06දා) සවස වන විට තමිල්නාඩු ප‍්‍රාන්තයේ කොයිම්බටෝර් ප‍්‍රදේශයෙන්ද නිපා වෛරස් ආසාදනයට ගොදුරු වූ රෝගියෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

devaina

No comments

Ads Place