Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාව බංකොලොත් වෙමින්.. සාගතයෙන් පිරුණු පෝලිම් යුගයක් එනවා..

  විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත! කොරෝනා ව්...


 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත!

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් තිබේ. හිතුවක්කාරී, අදූරදර්ශී, වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව තිබේ.

ආණ්ඩුව රටේ ජන ජීවිත, සිය දේශපාලන සහ ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර සමඟ සමපාත කරමින් සූදුවක යෙදෙමින් සිටින අතර මෙහි ඛේදවාචකය රටේ ඉදිරි පරම්පරාවට පවා අත්විඳින්නට සිදුවන බව ආණ්ඩුව සිහිතබා ගත යුතුය.

• අවිධිමත් සංවෘත ආර්ථික රටාවකට යොමුවෙමින් මෑත යුගයේ ලොව කිසිදු රටක් නොගන්නා ලද තරමේ අඥාන තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබේ. එහි බරපතල ප්‍රතිවිපාක ඉතාම නුදුරේ දී අත්විඳීමට සිදුවනු ඇත.

• ආණ්ඩුවේ ඇමතිවරු දිනපතා රටට විහිලු සපයමින් සිටින අතර රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන් තුළ පිළිතුරක් නැත.

• තුන්වේල තබා එක වේලක් හෝ පෝෂදායී ආහාර වේලක් ගැනීමට නොහැකි තරම් ජනතාව අන්ත අසරණව සිටින මොහොතක, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක වේලකට සීමාකරන්න යැයි ප්‍රකාශ නිකුත් කරන තරමට ආණ්ඩුවේ සෞභාග්‍යය දෝර ගලා තිබේ.

• මේ ව්‍යසනකාරී මොහොතේ පවා අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක බරපතළ හිඟයක් ඇති අතර, අනෙක් පසින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම හමුවේ “සාගතයෙන් පිරුණු රටක්” සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ.

• ගැටළුවක් මතු වූ සෑම විටකම ආණ්ඩුව සිදු කරන්නේ ඔලුගෙඩි මාරු කිරීම සහ චරිත වෙනස් කිරීම මිස උද්ගතව ඇති ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම නොවේ. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත්, රජය ඇස්බැන්දුම් ක්‍රියාත්මක කරමින් සංගීත පුටු තරගයක් ආරම්භ කොට තිබේ.

සාර්ව ආර්ථික විචල්‍යයන් මනා කොට කළමනාකරණය කරමින් මේ රටේ ජනතාවට මූල්‍ය උත්තේජකයක් ලබාදීම නොවලහා කළයුතුය. සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු අතර එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

lankacnews

No comments

Ads Place