Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්නාරම දෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ඇරඹේ

 මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ආරම්භ කෙරෙන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. මන...


 මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ආරම්භ කෙරෙන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මන්නාරම ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට අදාළ ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත ළඟදීම මැති සබයට ඉදිරිපත් කරන බවත් මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත ලබාගැනීමෙන් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.


බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7) පැවැති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.


මෙම තෙල් සහ ගෑස් කැණීම් කරන ආයෝජකයන්ට සියයට 50ක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකමවන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී සාමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කළේය.


ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම සහ ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කිරිම වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.


මන්නාරම් ද්‍රෝණියේ ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියාත්මක කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේය.


අසල්වාසී ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බව පැවසූ ඇමැතිවරයා ඒ සදහා විවිධ හේතු සාධක බලපා ඇතැයිද සඳහන් කළේ‍ය.


ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ සදහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණිමට විවිධ හේතු සාධක බලපෑ බවද ඔහු කීවේය.මන්නාරම දෝණියේ ඛනිජ තෙල් කැණීම.

lankadeepa

No comments

Ads Place