Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“ගොවියන් ගබඩා කල වී තොග අල්ලන්න එපා” – ගොවීන් අමාරුවේ දාන නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්!

 වී තොග සඟවා ඇති අතරමැදියන්ගේ ගබඩා වැටලීමේදී මහා පරිමාණයෙන් වී වගා කර ගබඩා කර තබා ඇති ගොවීන්ට අපහසුතාවයක් මතු නොවන පරිදි කටයුතු කරන ලෙස ජනාධ...


 වී තොග සඟවා ඇති අතරමැදියන්ගේ ගබඩා වැටලීමේදී මහා පරිමාණයෙන් වී වගා කර ගබඩා කර තබා ඇති ගොවීන්ට අපහසුතාවයක් මතු නොවන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. 


ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීම්වලදී ගොවීන් වී ගබඩා කළ ස්ථාන කිහිපයක් ද මුද්‍රා තබා ඇති බවට වාර්තාවීම හේතුවෙන්. 


ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානයට යොමු කළ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.

noizetv

No comments

Ads Place