Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිජ්වේ රෝහලෙන් සුබ ආරංචියක්

 කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 95ක් දක්වා පහත බැස ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැ...


 කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 95ක් දක්වා පහත බැස ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය.


කොවිඩ් ආසාදිතව රෝහල් ගත කෙරුණු දරුවන්ගේ සංඛ්‍යාව මෙයට සති දෙකකට පමණ පෙර දෙසියේ සීමාවට ළඟාවී තිබූ බවද හෙතෙම සඳහන් කළේය.


කොවිඩ් ආසාදිත දරුවන්ගේ මෙම අඩුවීම සතුටුදායක ආරංචියක් බව පැවසූ රෝහල් අධ්‍යක්ෂවරයා රට වසා තැබීම සහ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා මෙම ප්‍රතිඵල ලැබෙන්නට ඇතැයි විශ්වාස කරන බවද කීවේය.


මුලදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවන් 30ත් 40ත් අතර සංඛ්‍යාවක් දිනපතා ඇතුළු කෙරුණු බවත් එම සංඛ්‍යාව 10ත් 15ත් අතර සංඛ්‍යාවක් දක්වා දැනට පහත බැස ඇති බවත් විජේසූරිය මහතා පැවසුවේය.


දරුවකුට කොවිඩ් ආසාදිත වුවහොත් නිවෙස්වල තබා ගෙන නොසිට නොපමාව රෝහල්ගත කිරීමට පියවර ගන්නැයි තමා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ වෛද්‍යවරයා රෝහලට ගෙන එන කිසිම දරුවකු හරවා නොයවන බවද ප්‍රකාශ කළේය.


රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හෝ ඔක්සිජන් කිසිදු හිඟයක් නැතැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

lankadeepa

No comments

Ads Place