Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් විවෘත කිරීම ගැන සොයන්න තාක්ෂණික කමිටුවක්

  රටේ ළමයින් 100ට වඩා අඩුවෙන් සිටින පාසල් පළමුවෙන්ම විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා කඩිනමින් නිර්දේශ ලබාදීම සඳහා අධ්‍යාපන නිධාරීන්ගෙන්...

 


රටේ ළමයින් 100ට වඩා අඩුවෙන් සිටින පාසල් පළමුවෙන්ම විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා කඩිනමින් නිර්දේශ ලබාදීම සඳහා අධ්‍යාපන නිධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10) පත්කරනු ලැබීය.


ජනාධිපතිවරයා මෙම කමිටුව පත්කළේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.


පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 7කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමිවමෙන් සිදුවී ඇති බලපෑම මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.


සිසුන් 100ට වඩා අඩුවෙන් සිටින පාසල් 3000කට අධික සංඛ්‍යාවක් තිබෙන බව මෙහිදී හෙළිවූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.


මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල බන්දුල ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන රමේෂ් පතිරණ සහ නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සිසිර ජයකොඩි ,මහාචාර්ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

lankadeepa

No comments

Ads Place