Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුද්‍රා තැබූ සීනී ගබඩාවේ සීනී විකිණු තිදෙනෙක් මාට්ටු

 පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍ර‍තබනු ලැබූ  කඩවත ප්‍රදේශයේ සීනි ගබඩාවක් අනවසරෙන් විවෘත කර සීනි අලෙවි කරමින් සිටි එම ගබඩාවේ සේවකයන් තිදෙනෙකු...


 පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍ර‍තබනු ලැබූ  කඩවත ප්‍රදේශයේ සීනි ගබඩාවක් අනවසරෙන් විවෘත කර සීනි අලෙවි කරමින් සිටි එම ගබඩාවේ සේවකයන් තිදෙනෙකු සහ රුපියල් මිලියන පන්සිය 530 ක සීනි  තොගයක් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  පරකන්දෙණිය ඉඹුල්ගොඩ, ඇලකන්ද වත්තල සහ නාවඩිකුලම් වවුනියාවේ පදිංචි වයස අවුරුදු 34, 32 සහ 27හැවිරිදි අයවලුන්  තිදෙනෙකු බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.


මෙම වැටලීම සඳහා පාරිභොගික අධිකාරිය ගම්පහ ස්ථානාධිපති රංජිත් මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු එක්ව සිටියහ.


කඩවත පොලිස් වසමේ අංක 26 වැලිකඩ මුල එඩේරමුල්ල ස්ථානයේ පිහිටි සීනි ගබඩාවකින් මෙම සැකකරුවන් අනවසරයෙන් සීනි විකුණමින් සිටි අතර එහිදී සීනි ටොන් 4100 සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය .


සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා කඩවත පොලිසියට භාර දී ඇත.


විශේෂ කාර්ය  බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂ යටතේ කඩවත  ගෝනහේන  ප්‍රධාන කදවුර භාර නිලධාරි තුමා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් සහ ස.පො.අ එච්.එම්.කිර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්විශේෂ කාර්ය  බලකායේ  නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප එච්.පි.එම්.එස්.කේ.වීරක්කොඩි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කරන ලදී.

lankadeepa


No comments

Ads Place