Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘‘ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කරනවා‘‘

  ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බව ම...

 


ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


"මේ මොහොතේ භාණ්ඩවල කෘත්‍රිම හිඟයක් මවා පෙන්වීම අශිෂ්ට ක්‍රියාවක් බව කිව යුතුයි.


ඕනෑම නීතියක් පනවා මෙයින් ජනතාව ආරක්ෂා කිරීමට රජයට වගකීමක් තිබෙනවා.පක්ෂ පාට බේද නොබලා වෙළඳ මාෆියාව අප මර්දනය කරනවා. අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වී වෛරසය විනාශ කිරීම නොව වෛරසය සමඟ එකතු වී රජය විනාශ කිරීමට උත්සාහ කිරීමයි"යනුවෙන් ද සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

lankadeepa

No comments

Ads Place