Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැගෙනහිර වැලි මාලදිවයිනට පටවන ජාවාරමක්

 එක්තරා පිරිසක් මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා  නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ...


 එක්තරා පිරිසක් මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා  නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (දෙ.ජා.ස) චාණක්‍ය  රාසමානික්කම්  මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසිය.



මෙම ජාවාරමට සම්බන්ධවී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයකු බවත් වැලි පටවන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත්  හෙතෙම සඳහන් කළේය.


වියත් මගෙන්  පැමිණි ආණ්ඩුකාරවරිය  ඊට සහයෝගය දෙන බවද  මන්ත්‍රීවරයා පැවසුවේය.


මෙම වැඩපිළිවෙළ හරහා  රටට ඩොලර් එන්නේ නම්  එය ගැටලුවක් නැතත්  එසේ රටට ඩොලර් නොයන බවද  තමාට දැනගන්නට ඇතැයි රාසමානික්කම්  මහතා කීවේය.ආණ්ඩුකාරවරිය අද වැඩ කරන්නේ නීතියට කිසිම ගරු කිරීමක් නැතිව යැයිද  ඔහු පැවසුවේය.


මේ ප්‍රශ්නය විසඳා දෙන්නැයි රාසමානික්කම්  මන්ත්‍රීවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නැයි  අදාල ඇමැතිවරයාට දැනුම් දෙන බවයි.


රජය උත්තර නොදී පැන නො එන බවද ඔහු කීවේය. තමා චාණක්‍ය මන්ත්‍රීවරයා ගැන කනගාටු වන බවත් මෙතුමාගේ මේ සියලුම කයිවාරු තියෙන්නෙ මාධ්‍ය ඉදිරියේ පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  වැඩිදුරටත් පැවැසිය.

lankadeepa

No comments

Ads Place