Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජයරුවන් බණ්ඩාරගේ කතාව හරි – එවැනි නිලධාරීන් බය නොකළ යුතුයි – රවි කුමුදේශ් කියයි

 පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන්වල මිල ගණන් පිළිබඳව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කර ඇති ප‍්‍රකාශයේ කිසිදු අසත්‍යතාවයක් පෙනෙන්නට නැතැයි සෞඛ්‍ය වෘත්ත...


 පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන්වල මිල ගණන් පිළිබඳව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කර ඇති ප‍්‍රකාශයේ කිසිදු අසත්‍යතාවයක් පෙනෙන්නට නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍යතාවයක් ඇත්නම් පීසීආර් කට්ටලයක් රුපියල් 800ට වඩා අඩු මුදලකටත්, රැුපිඞ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 800 වඩා අඩු මුදලකටත් ලබාදීමේ හැකියාව පවතින බවත් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ හිරවී ඇති නිෂ්පාදන කඩිනමින් ලබා ගැනීමට හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.


එබැවින් මෙම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව කඩිනමින් සොයා බලා, මහජනතාවට, රටට සහ රජයට වාසි සැලසීම වෙනුවට, තොරතුරු ලබාදෙන නිලධාරීන් දණ්ඩනයට, මර්දනයට සහ බිය වැද්දීම්වලට ලක් කර සත්‍ය තොරතුරු වාර්තා වීම වළක්වා ගැනීම, දූෂිත නිලධාරීන්ගේ ක‍්‍රමවේදයක් බවත් ඔහු පවසයි. ජයරුවන් බණ්ඩාර මහතා හෙළිදරව් කරන ලද කරුණු පිළිබඳ කඩිනම් තාක්ෂණික විමර්ශනයක් සිදු කර එයින් රටට හා මහජනතාවට ලබා දිය හැකි වාසි සැලසීම සඳහා කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවත් එසේ නොවුණහොත් අපරාධ පරීක්ෂණයක් සිදුකිරීම සියුම් බියවැද්දීමක් සහ නිවැරදි තොරතුරු වාර්තා වීම වැළක්වීම සඳහා ගනු ලබන ක‍්‍රියාවක් මෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යන් හෑල්ලූවට ලක් කිරීමක් බව විශ්වාස කරන බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

devaina

No comments

Ads Place