Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතු ආශ්‍රිත තේ ඉඩම් පුද්ගලික අංශයටද..

  විපක්ෂය චෝදනා කරන පරිදි වතු ආශ්‍රිත තේ ඉඩම් පෞද්ගලික අංශයට ලබාදිමක් සිදු නොකරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍ර...


 විපක්ෂය චෝදනා කරන පරිදි වතු ආශ්‍රිත තේ ඉඩම් පෞද්ගලික අංශයට ලබාදිමක් සිදු නොකරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි (13) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

වතු ආශ්‍රිත මුඩු ඉඩම් කිහිපයක් ඉදිරි සංවර්ධන කටයුතු සදහා කැබිනට් අනුමැතිය සහිතව වෙන් කරගෙන ඇති බවත්, ඉකුත් රජය සමයේ කිසිදු අවසරයකින් තොරව ඔහුන්ගේ හිතවතුන්ට වතු ආශ්‍රිත ඉඩම් ලබාදි ඇති බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ.

වතු ආශ්‍රිත ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා වත්මන් රජය මගින් වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යංශයට රු මිලියන 500 ප්‍රතිපාදන ලැබි ඇති බවත්, එම ප්‍රතිපාදන යටතේ වතු ආශ්‍රිත ප්‍රදේශවල යටිතල පහසුකම් ලබාදිමට කටයුතු කර ඇති බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග වතු ආශ්‍රිත ප්‍රදේශවල සයිනොෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව හය ලක්ෂ අසුදහසකට පමණ ලබා දි ඇති බවත්, ඉදිරියේදිත් එම එන්නත ලබාදිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා කියා සිටියේ.

රජය සිදු කරන යහපත් ක්‍රියාවන් වලට විපක්ෂයේ සහයෝගය ලබාදි රටේ පවතින වසංගත තත්ත්වය තුරන් කිරිමට විපක්ෂයේ සියළු දෙනා කටයුතු කල යුතු බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් , පි.සත්‍යවේල් මහාතාද සහභාගි විය.

lankacnews

No comments

Ads Place