Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකුවට එන්න කබ්රාල් මන්ත්‍රී ධුරය අත්හරියි?

 රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය අමාත්‍යධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි. මහ බැංකුවේ අධිප...


 රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය අමාත්‍යධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.


මහ බැංකුවේ අධිපති තනතුර යළිත් භාර ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.


වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිත බවද වාර්තා වෙයි.


මීට පෙරද පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වසර 8කට ආසන්න කාලයක් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළේය.


ශ්‍රී ලංකාව විදේශ විනිමය දැඩි අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේදී ඔහු මෙසේ යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වීමට නියමිතය

noizetv

No comments

Ads Place