Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම මහ බැංකුවෙන් යනවා… පසුගිය දින ටිකේ හිත රිදුණා ඒවා කවුරු කළාද දන්නේ නැහැ

 තමා ලබන අඟහරුවාදා (14 දා) මහ බැංකු අධිපති ධුරයෙන් විශ‍්‍රාම ගන්නා බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ ...


 තමා ලබන අඟහරුවාදා (14 දා) මහ බැංකු අධිපති ධුරයෙන් විශ‍්‍රාම ගන්නා බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ (09 දා) මහ බැංකුවේදී පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.


පසුගිය දින කිහිපයේදී සිදුවූ සිදුවිම් නිසා සිත් රිදවිම් ඇති වූ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.


ඒවා ඇති කළේ කවුදැයි තමා නොදන්නා බවත් පසුගිය සති දෙකේ පුවත්පත්වල තිබූ දේවල් අනුව සිත් රිදවීම් ගැන තේරුම් ගත හැකි බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.


ඒවා පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් දේවල් නොවන බව ද, පසුගිය සිදුවීම් දාමය දෙස බලන විට එය තේරුම් ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.


තමා, තමාගේ 80 වැනි ජන්ම දිනය වනතෙක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටියත් පසුගිය සිදුවීම් නිසා තමා ඊට පෙර විශ‍්‍රාම ගැනීමට තීරණය කළ බවද ඔහු ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කළේය.


මේ අතර ශ‍්‍රී ලංකාව තවමත් සංවර්ධනය නොවූ රටක් බවට හැඳින්වීම කනගාටුවක් බවත්, නිසි දේශපාලන ප‍්‍රතිපත්තියක් හා ආර්ථික දැක්මක් නොමැතිවීම ඊට හේතුව බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

devaina

No comments

Ads Place