Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයෑම පිළිබඳව සීඅයිඞී විමර්ශන ඇරැඹේ

  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගොනු කිහිපයක් මැකීයෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ඖෂධ නියාම...


 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගොනු කිහිපයක් මැකීයෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (05දා) පැවැසීය.


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය පෞද්ගලික ආයතනයක් මගින් පවත්වාගෙන ගිය බවත්, මැකීගිය දත්ත වල වාර්තාවක් (කොපියක්) එම ආයතනය සතුව පවතින බව දැනුම්දී තිබෙන බවත් ජයසිංහ මහතා කීය. විමර්ශන වඩාත් විධිමත් වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මොරටුව විශ්වවිද්‍යාලය මගින්ද පරීක්‍ෂණයක් සිදුකරන බවද ඒ මහතා කීය.

ජාතික නියාමන අධිකාරිය මෙරට ඖෂධ, වෛi උපකරණ සහ ඔසුසල්වලට අදාළ බලපත‍්‍ර නිකුත් කිරීම ඇතුළු සියලූ කටයුතු නියාමනය කරන ආයතනයකි.

මෙම අධිකාරියේ දත්ත අති සංවේදී බැවින් එහි කටයුතු දත්ත පද්ධතියට ඇතුළත් කර තිබියදී මැකීයෑම යම් කුමන්ත‍්‍රණයක් බවටද චෝදනා එල්ල වී තිබේ.
devaina

No comments

Ads Place