Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සීිනි සහ සහල් සඳහා හෙට සිට පාලන මිලක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් දින කිහිපයේදී මුද්‍රා තබන ලද ගබඩාවල සීනි තොග පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා එම සීනි තොග අ...


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් දින කිහිපයේදී මුද්‍රා තබන ලද ගබඩාවල සීනි තොග පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා එම සීනි තොග අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී.නිවුන්හැල්ල වෙත අද නිල වශයෙන් භාරදී තිබෙනවා. 


එම සීනි තොග ඉදිරියේදී අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සෘජු මැදිහත්වීමෙන් රජයේ සහතික මිල ගණන් යටතේ සතොස, සමූපකාර Q-ෂොප් සහ අනෙකුත් වෙළඳසැල් මඟින් පාරිභෝගිකයා වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වෙළඳ අමාත්‍යංශය පැවසුවේ. 


මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුලු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය සේවා ජනරාල්වරයා වෙත පැවරෙනවා.


මේ අතර හෙට දිනයේදී බොහෝ දුරට සීනි සහ සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා. 

nethnews

No comments

Ads Place