Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාලයත් සමග ප්‍රතිශක්‌තිය පහළ යා හැකියි… 60 ට වැඩි අයට තෙවැනි එන්නත මාත‍්‍රවක්…

  ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් යෝජනාවලියක් සයිනොෆාම් ගත් දුර්වල ප‍්‍රතිශක්තිය ඇති අයට ඇස්ට‍්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා දෙන්න 18 – 60 අතර අයට...

 


ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් යෝජනාවලියක්


සයිනොෆාම් ගත් දුර්වල ප‍්‍රතිශක්තිය ඇති අයට ඇස්ට‍්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා දෙන්න 18 – 60 අතර අයට සයිනොෆාම් ප‍්‍රතිශක්තිය ඉහළයි


කොවිඞ් රෝගය වැළඳීම පාලනය සඳහා සයිනෝෆාම් එන්නතෙහි මාත‍්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට තුන්වන මාත‍්‍රාව ලෙස ඇස්ට‍්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාදීමට යෝජනා කරන බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.


බහරේන් අධ්‍යයනයෙන් සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණාගාර අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත මගින් ශක්තිමත් ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිචාරයක් ලබාදෙන අතරම මරණයෙන් හෝ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා කෙරෙන බවය.


එබැවින් ඇටමිදුළු බද්ධ කර ඇති පිරිස්, සක‍්‍රීය පිළිකා ඇති රෝගීන්, ප‍්‍රතිශක්තිකරණ පාලන චිකිත්සා සහ රුධිර කාන්දු පෙරණයට ලක්වන රෝගීන් වර්ධිත එච්. අයි. වී. ඇති පිරිස් ආදී දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති රෝගීන්ට හැර වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයන්ට සයිනොෆාම් මාත‍්‍රාවන් දෙකම ලබා දීම සඳහා තම සංගමය නිර්දේශ කරන බව ද ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.


දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට කුමන එන්නතක් ලබා දුන්නද ප‍්‍රතිදේහ නිපදවන්නේ නැති බව පෙනීගොස් ඇතැයි ද වෛi සංගමය සඳහන් කරයි.


වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත ලබා දුන් විට එන්නත් නොකළ අයට සාපේක්‍ෂව මරණ සහ දරුණු රෝග ඇතිවීම අවම බවත් ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් සහ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත්වලට සාපේක්‍ෂව මරණ අනුපාතය හා රෝහල්ගතවීම තරමක් වැඩි බව හෙළි වී ඇතැයි ද පවසයි.


ස්පුට්නික් දෙවැනි මාත‍්‍රාව නොමැති අයට ඇස්ට‍්‍රාසෙනිකා, ෆයිසර් හෝ මොඩර්නා එක් මාත‍්‍රාවක් ලබා දෙන ලෙස යෝජනා කරන බවත්, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට අවම වශයෙන් දෙවන මාත‍්‍රාවෙන් මාස 06කට පසුව තමන් ලබාගෙන ඇති එන්නත් වර්ගයෙන්ම හෝ වෙනස් එන්නත් වර්ගයකින් තුන්වන මාත‍්‍රාවක් (බූස්ටර් මාත‍්‍රාවක්) ලබාදීම මගින් සිරුරේ ප‍්‍රතිශක්තිය පැහැදිලි ලෙස ඉහළ නංවන බව අධ්‍යයනවලින් හෙළිවී ඇති බවත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

devaina

No comments

Ads Place