Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.  ඒ අනුව, මේ දක්වා ...


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. 


ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. 


ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවයි.


මේ අතර, එන්නත් බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ තවදුරටත් විවිධ වාර්තා පළ වනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද පවසන්නේ එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා පවතින බවයි. 


සෞඛ්‍ය අංශයෙන් ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත්‍රා ප්‍රමාණවත් ලෙස නිකුත් කිරීමට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු නොකිරීම මීට හේතුව බව ඔවුන් පවසනවා. 


වසංගත රෝග විද්‍යා අංශය මගින් රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත්‍රා සුලු ප්‍රමාණයක් ලබා දීම හරහා සෞඛ්‍ය අංශයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වල අධික තදබදයක් ඇති වී තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ. 


මේ අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඔක්තෝබර් අවසානය වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

nethnews

No comments

Ads Place