Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කල්කිරියාව හොඳ සිරකරුවන් 24ක් ගෙදර යවයි

 දීර්ඝකාලයක් දඬුවම් විඳිමින් බන්ධනාගාරය තුළ යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනකු බලපත්‍ර මත නිදහස් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ම...


 දීර්ඝකාලයක් දඬුවම් විඳිමින් බන්ධනාගාරය තුළ යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනකු බලපත්‍ර මත නිදහස් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.


අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තියට අනුව බන්ධනාගාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සිරකරුවන් බලපත්‍ර මත මුදාහැරීමේ ක්‍රමවේදයට අනුව නිදහස් කරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.


කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු මෙම ක්‍රියාවලිය නැවතත් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන් ට අනුව අද සිට ක්‍රියාත්මක වූ බවද ඔහු සඳහන් කළේය .


බන්ධනාගාර බලපත්‍ර මණ්ඩලය මගින් යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට නිර්දේශ කිරීමෙන් පසු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අනුමැතියෙන් පසු මෙම සිරකරුවන් නිදහස් කරනු ලබන බවද හෙතෙම පැවසීය.


ඒ අනුව, බන්ධනාගාර 09 ක සිරකරුවන් 24 දෙනෙකු දෙනකු ලබන 17 වැනි දා මෙලෙස නිදහස් කර යැවීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

lankadeepa

No comments

Ads Place