Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නොකළ අලුත්වැඩියාවකට සතොස ලක්ෂ 17ක් ගෙවලා

ලොරි රථ දෙකක ”නොකළ අලුත්වැඩියාවක් සඳහා” 2016 වසරේදී රුපියල්ල් 15,60,668ක මුදලක් චෙක්පත් දෙකකින් සහ තවත් රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් ඊට අ...

ලොරි රථ දෙකක ”නොකළ අලුත්වැඩියාවක් සඳහා” 2016 වසරේදී රුපියල්ල් 15,60,668ක මුදලක් චෙක්පත් දෙකකින් සහ තවත් රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් ඊට අදාළව වැට් බදු වශයෙන් ගෙවූ බරපතළ වංචාවක් හෙළිකර ගැනීමට සතොස පාලනාධිකාරියට හැකිවී තිබේ. 2016 වසරේදී සතොසට අයත් අංක 43-7164 සහ 43 -7165 දරන ලොරි රථ දෙක අලුත්වැඩියා කරන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි හෙළි වී ඇත. එම ලොරි රථ දෙක අලුත්වැඩියා කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් එක් වෘත්තීය සමිතියක බලපෑම මත එම ලොරි රථ අලුත්වැඩියාවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් මේ පිළිබඳව සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයේදී සතොස ප්‍රවාහන කාර්මික අංශයේ කාර්යභාර නිලධාරියා අනාවරණය කර ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව සතොස ප්‍රවාහන කළමනාකරු, 2016-12-09 වන දින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) වෙතින් අදාළ අලුත්වැඩියාව සිදුකර ගැනීමට අනුමැතිය පතා ඇති අතර ඉන්පසුව ඒ සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස ඉහත කී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ සතොස සභාපතිවරයා ප්‍රසම්පාදන නිල මාර්ග වෙත සිය නිර්දේශය ඉදිරිපත් කර තිබේ. එහිදී 2016-12-14 වන දා සතොස ප්‍රවාහන කාර්මික අංශයේ කාර්යභාර නිලධාරීන් විසින් ප්‍රවාහන කළමනාකරු මාර්ගයෙන් සතොස සභාපති වෙත යොමුකරන ලිපියක් මගින් මෙම අලුත්වැඩියාව ස.තො.ස. මෝටර්ස් වෙතින් සිදුකිරීමට නිර්දේශ කර ඇති අතර ඊට අනුමැතිය ද ලැබී ඇත. එහෙත් අදාළ ලොරි රථ දෙක අලුත්වැඩියා කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන නිලධාරියා විසින් සටහනක් තැබීමෙන් පසුව ඒ පිළිබඳව කිසිදු ඉදිරි පියවරක් ගෙන නැති බව මේ පිළිබඳව කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇතැයි ද වාර්තා වේ. එහෙත් අදාළ අලුත්වැඩියාවන් සිදුකළ බව දන්වා ඒ වෙනුවෙන් රුපියල් 7,80,334.29ක් වන චෙක්පත් දෙකකට ප්‍රසම්පාදන නිලධාරියා සිය අස්සන යොදා ඇතැයි ද එහිදී හෙළි වී තිබේ. ඉන්පසුව අදාළ ලොරි රථ දෙක වෙන්දේසියේ විකිණීමට උත්සාහ දරා ඇතත් අඩු මිල ගණන් ඉදිරිපත්වීම නිසා එය සාර්ථක වී නැතැයි ද මේ වන විට හෙළි වී ඇත. මෙම අභ්‍යන්තර පරීක්ෂණය අනුව සතොස ප්‍රසම්පාදන නිලධාරියා අදාළ වංචනික ක්‍රියාව පිළිබඳව අනිවාර්ය නිවාඩු යැවීමට සතොස සභාපති නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

No comments

Ads Place