Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිලියන 1500 ක – 1600 ක ආදායමක් මේ වසරේ රජයට අහිමි වෙලා

  මෙම වසර තුළ මේ වනවිට රජයට රුපියල් බිලියන 1500 ක් 1600 ක් අතර ආදායමක් අහිමිවී ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (...

 


මෙම වසර තුළ මේ වනවිට රජයට රුපියල් බිලියන 1500 ක් 1600 ක් අතර ආදායමක් අහිමිවී ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා* සඳහන් කළේය.


එය මුදල් අමාත්‍යාංශය විසින් කත්සේරු කරන ලද මුදලටත් වඩා වැඩි ප‍්‍රමාණයක් බවද මුදල් ඇමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාව සිදුකරමින් පැවසීය.


ආදායමට වඩා වියදම් වැඩි වීම දශක ගණනක සිට මෙරට සිදුවන අතර කොවිඞ් ව්‍යසනය හේතුවෙන් එය තවත් වර්ධනය වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.


මේ හේතුවෙන් ආණ්ඩුව අනවශ්‍ය වියදම් අඩු කිරීමේ අවංක උත්සාහයක නිරතව සිටින බව කියා සිටි ඇමැතිවරයා රේගුව, සුරාබදු සංචාරක වැනි ආයතන මගින් ලැබෙන ආදායම් විශාල වශයෙන් අඩුවී ඇතැයිද පැවසීය.


මේ තත්ත්වය නිසා විදේශ ආනයන දැඩි ලෙස සීමා කිරීමටත්, එමගින් විදේශ විනිමය ඉතිරිකරමින් වෙළෙඳ පරතරය අඩු මට්ටමකට ගෙනැවිත් ඇතැයිද බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

devaina

No comments

Ads Place