Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළු සල්ලි සුදු කරන පනතක් 07 දා සම්මත කරනවා…

  කළු සල්ලි සුදු කරන බදු වංචනිකයන් නිදහස් කරන පනතක් එළැඹෙන 07 වැනි දා පාර්ලිමේන්තුව සම්මත කිරීමට සූදානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක ප...


 කළු සල්ලි සුදු කරන බදු වංචනිකයන් නිදහස් කරන පනතක් එළැඹෙන 07 වැනි දා පාර්ලිමේන්තුව සම්මත කිරීමට සූදානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් සමාජය තුළ මරණ සිය ගණන් වාර්තා වෙද්දී මුළු සමාජයේම අවධානය ඊට යොමු ව ඇති අවස්ථාවේ එම ප්‍රයෝජන ගනිමින් ආණ්ඩුව පුරුදු පරිදි විනාශකාරී හා ජනතා විරෝධී ක්‍රියාමාර්ග වේගයෙන් ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මෙම නව පනත මගින් රජයට කෝටි ගණන් බදු අහිමි කරමින් සහ බදු පැහැර හරින්නන් ගේ හිග බදු කපා දැමීමට, අයථා ලෙස මුදල් උපයන දේශපාලඥයන් හා ආණ්ඩුවේ හිතවතුන් අතලොස්සකගේ කළු සල්ලි සුදු කර ගැනීමට ද උත්සාහයක් ඇතැයිද ඔහු පැවසීය.

දැනට පවතින වසංගතය ද පාවිච්චි කරමින් ආණ්ඩුවේ හිතවතුන්ට අයතා ලෙස ධනවත් වීමේ ඉඩකඩ සලසා ඇති බවද ඔහු තවදුරටත් චෝදනා කරයි.

lankacnews

No comments

Ads Place