Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටොසිලසිමැබ් ඖෂධ ආනයනයට සමාගම් 05 කට අවසර

කොවිඩ් රෝගීන් ඇතුළු අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ලබාදෙන ටොසිලසිමැබ් එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීම සඳහා සමාගම් 05 කට අවසර ලබාදීමට සෞඛ්‍ය අම...


කොවිඩ් රෝගීන් ඇතුළු අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ලබාදෙන ටොසිලසිමැබ් එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීම සඳහා සමාගම් 05 කට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබෙනවා. 


ජර්මනිය, ස්වස්ටර්ලන්තය, ජපානය සහ තර්කිය යන රටවලින් එම ඖෂධය ගෙන්වීමට විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇති බවයි සෞඛ්‍ය ආරංචිමාර්ග පැවසුවේ. 


ටොසිලසිමැබ් නමැති මෙම එන්නත් හිගයක් රට තුළ දැඩිව පවතින බවත් ඒ ඔස්සේ එන්නත් කළු කඩ මාෆියාවක් පවතින බවත් නෙත් නිවුස් පළමු වරට අනාවරණ කළා. පුද්ගලයික ආයතන මඟින් මෙරටට ගෙන්වන ටොසිලසිමැබ් එන්නතක වටිනාකම රුපියල් ලක්‍ෂ 4 ක් පමණ වන බවයි එමගින් අනාවරණ කෙරුණේ. ඇතැම් පිරිස් එම එන්නතක් රුපියල් ලක්‍ෂ 10 ඉක්මවූ මුදලකට ද අළෙවි කිරීමට සූදානම් වන බවටයි ඉකුත් දා කරුනු අනාවරණ වුණේ.


පවතින තත්ත්වය පසැලකිල්ලට ගනිමින් නිෂ්චිත මිල ගණන් යටතේ එම එන්නත් ආනයනය කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය අදාල සමාගම් වෙත උපදෙස් ලබාදී ඇත්තේ. 


එම එන්නතට අවම ලන්සුව රුපියල් දෙලක්ෂ 45,000 ක් පමණ වී තිබෙනවා. මෙරටට රැගෙන එන එන්නත් අදාළ සමාගම් විසින් එක් සථානයකින් පමණක් අලෙවි කළ යුතු බවටද සෞඛ්‍ය අමාත්‍යංශය කොන්දේසි පනවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.


මේ අතර ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ප්‍රචාරය කෙරෙන බැලුම්ගල වැඩසටහනින්, රෝහල්වල පවතින ඖෂධ හිගය සහ ඒ ආශ්‍රීත කරුණු පිලිබදව සාකච්ඡාවට ලක් කෙරෙනෙවා.

nethnews

No comments

Ads Place