Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මෘතදේහවලට Zoom ඔස්සේ පාංශකූල දෙන්න වැඩපිලිවෙලක්..

  හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. කොවිඩ් මරණ සදහා පංශු කුල දෙන්න අපි සුදානම් කොවිඩ් 19 මරණ දිනෙ...

 


හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ් මරණ සදහා පංශු කුල දෙන්න අපි සුදානම්

කොවිඩ් 19 මරණ දිනෙන් දින වැඩි වෙමින් ඇත.බෞද්ධ ජනතාව තම මිය ගිය ඥාතියට පාංශු කූලයකවත් ලබා දීමට නොහැකිව විශාල ලෙස අපහසුතායට පත් වී ඇත. එබැවින් Zoom තාක්ෂණය ඔස්සේ හෝ එළිමහන් ස්ථානයක පාංශු කුල කටයුතු කිරිමට අප සුදානම්ය.

ඒ සදහා කිසිම ප්‍රත්‍ය පහසුකමක් අප බලාපොරොත්තු නොවෙමු. විශේෂයෙන් පාංශු කුල ලබාදිමට තම මිය ගිය ඥාතියාගේ දේහය අවශ්‍ය නැත.

එම නිසා අපට හුදකලා ප්‍රදේශයක සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පාංශු කුල කටයුතු සිදු කළ හැකිය.

තවද සත්දින (7) මතක ධර්ම දේශනය ද Zoom තාක්ෂණය හරහා සිදු කළ හැකිය.

එබැවින් අප සංවිධානය මෙම සංවේදි අවස්ථාවේ දි ඔබගේ දුක සංවේගය තුනි කිරිමට අප මැදිහත් විමට බලාපොරොත්තු වෙමු.

ඒ සදහා පහත සදහන් දුරකතන අංකයට සම්බන්ධ කරගන්න.

පුජ්‍ය බුදුගල ජිනවංස හිමි 0718124505
පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි 0718012049
Whatsapp No. 0773071950 (පුජ්‍ය බුදුගල ජිනවංස හිමි)

තෙරුවන් සරණයි
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

lankacnews

No comments

Ads Place